මුම්බායි හි පැවති සංගීත උළෙලකදී රසිකයන් සෙල්ෆි ගැනීමට කෑගසද්දී ගායක සෝනු නිගම්ට පහර දීමට තැත් කිරීමේදී ඔහුගේ සහායකයෙකු වේදිකාවෙන් ඉවතට විසිවී ගොස් තිබේ. සෝනු නිගම් සිය සජීවී ප්රසංගයෙන් පසු වේදිකාවෙන් බසිමින් සිටියදී ඉන්දියාවේ චෙම්බූර්හිදී රාත්රී 11 ට මෙම සිදුවීම සිදුව තිබේ.
සුළු තුවාල ලැබූ ඔහුගේ සහායකයා රෝහලෙන් මූලික ප්රතිකාර ලබා පිටව ගියේය.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ උද්ධව් තකරේගේ පක්ෂය වන ශිවසේනාවට සම්බන්ධ ඉන්දීය මන්ත්රීවරයෙකු වන ප්රකාශ් ෆාටර්පේකාර්ගේ පුත් ස්වප්නිල් ෆාටර්පේකාර් ය.