ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ මතභේදාත්මක සුදුලූණු වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත නිදහස් කරනු ලැබසිටින චමිලා ජයන්ති අසුරමානට මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන තමන්ගේ අමත්‍යාංශයට අයත් මඟ නැඟුම ආයතනයේ මූල්‍ය උපදේෂක තනතුර පිරි නමා තිබේ. ඒ මසකට රුපියල් තුන් ලක්ෂ පනස් දහසක මාසික වැටුපක් සහ ඊට අමතරව නිල රථයක්, ඉන්ධන දීමනාවක්, ජීවන වියදම් දීමනාවක් සහ දුරකථන දීමනාවක්ද සහිතවයි.
බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍ය සමයේ සතොස හරහා සිදු වූ මෙම වංචාව මගින් රටට බිලියන ගණනක් අහිමි වූ අතර එවකට සතොස ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මිලදී ගැනීම් ලෙස සිටි චමිලා ජයන්ති අසුරමාන මෙලෙස එම නඩුව අවසන් වීමටත් මත්තෙන් යළි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින්ම පත් කිරීම සැකයට හේතුවවී ඇති බව අභ්‍යන්තර තොරතුරු අනාවරණය කර සිටී.
එසේම බන්දුල ගුණවර්ධනගේ මාධ්‍ය ලේකම් තනතුරේ කටයුතු කරන මහේෂ් වික්‍රම නම් පුද්ගලයාට මාධ්‍ය ලේකම් තනතුරේ වැටුප් හා වරප්‍රසාද වලට අමතරව, මඟ නැඟුම ආයතනයේ විධායක අධ්‍යක්ෂ තනතුර ලබා දී තිබේ. ඒ මසකට රුපියල් ලක්ෂ හතරකට වැඩි වැටුපක්, බත්තරමුල්ලෙන් නිල නිවෙසක්, නිල වාහන තුනක්, සහ තවත් විවිධ දීමනාවන් රැසක් ද සමගිනි.
මේ වන විට මඟ නැඟුම ආයතනය පාඩු ලබන ආයතනයක් සේ හඳුනාගෙන සාමාන්‍ය සේවකයන් 600කට වඩා වැඩි ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මකවේ.