Home » සැමියාට වධ දුන් බන්ධනාගාර නිලධාරිණිය සිරගෙට

සැමියාට වධ දුන් බන්ධනාගාර නිලධාරිණිය සිරගෙට

by Nirodha Gamage

බ්‍රිතාන්‍යයේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ප්‍රධානියෙක් තම සැමියාට වසර 15ක් පුරා සිදු කරන ලද ශාරීරික ප්‍රහාරවලට සහ වාචික නින්දා අපහාසවලට ලක් කිරීම හේතුවෙන් සිරගත කෙරුණා.

45 හැවිරිදි ෂෙරී ස්පෙන්සර් සැමියා රිචඩ්ට දිනපතා පහරදීම් සහ වාචික ප්‍රහාරවලින් එල්ල කල බවට ඔප්පු වූ හෙයින් අධිකරණය ඇය වසර 4 ක කාලයක් සඳහා සිරගත කළේය.

එක් අවස්ථාවක ඇය බිම මලපහ කර එය පිරිසිදු කිරීමට ඔහුට බල කළ ඇති අතර තවත් අවස්ථාවක ඇය වයින් බෝතලයකින් ඔහුට පහර දී ඇත්තේ ඔහුගේ කන සදහටම විකෘති කරමිණි.

ඇය ඔහුව ‘තරබාරු කොල්ලෙක්’, ‘පුස්සා’ සහ ‘ ගොළුවෙක්’ ලෙස හඳුන්වා ඇති අතර පිටතට යාමට පෙර ඔහුට මේකප් වලින් ආවරණය කළ යුතු තැලීම් සහ සීරීම් ඇති කර තිබේ. වසර ගණනාවක් තිස්සේ ඔහු තම බිරිඳ තමාට පහර දෙන ආකාරය රහසිගතව වීඩියෝ සහ ශබ්ද පටිගත කර ඇති අතර ඔහු පොලිසියට තමාට සිදු වූ දරුණු පහරදීම්වලින් පසු විවිධ දිනවල ලබාගත් ඔහුගේ තැළුණු මුහුණේ ඡායාරූප 43 ක් භාර දී තිබුණේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions