Home » ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් මේ සතියේ

ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් මේ සතියේ

by Nirodha Gamage

ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීම මෙම සතියේදී සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම මේ වන විට අවසන් වී ඇති බව වාර්තා වන අතර, අයදුම්පත් විශ්ලේෂණය කිරීම සිදුවෙමින් පවතින බවයි ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව නව සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් මූලික වටයේ සාකච්ඡාවක් මේ සතියේ පැවැත්වීමට නියමිතයි.

මේ වන විට ලැබී ඇති අයදුම්පත් 1600කට අධික සංඛ්‍යාව මූලික කුසලතා ලැයිස්තුවක් සකස් කිරීමෙන් අනතුරුව නව කොමිෂන් සභා සාමාජිකයින් තෝරා ගැනීම සිදු කෙරෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමෙන් පසුවයි.

මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අඟහරුවාදා (පෙබ. 28) රැස්වීමට නියමිතව තිබුණද, එම රැස්වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions