Home » සමෘද්ධිය ඇත්තටම ලබාදිය යුතු පිරිස හඳුනාගත යුතුයි – ජනපති

සමෘද්ධිය ඇත්තටම ලබාදිය යුතු පිරිස හඳුනාගත යුතුයි – ජනපති

by Plus One

සමෘද්ධිය ලබාදිය යුතු විශාල පිරිසක් සිටිය ද, නුසුදුසු පිරිසක් සමෘද්ධිය ලබාගැනීම හේතුවෙන් අද වනවිට සහනය ලැබිය යුතු පුද්ගලයින්ට සහන ලබාදීම ගැටලුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සමහර පුද්ගලයින් අවුරුදු 20 පමණ එම ලැයිස්තුවේ සිටින බවත්, එය සිදුකිරීමට නොහැකි බවත් පළමුවෙන් සුදුසු හා නුසුදුසු පුද්ගලයින් හඳුනා ගැනීමට සිදුවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

සමහරුන් එය දේශපාලන ක්‍රියාවක් ලෙස සඳහන් කිරීමට හැකි බවත්, ඇත්තෙන්ම සමෘද්ධිය ලබාදිය යුතු පිරිසට ලබාදිය යුතු බවත් ඒ සඳහා සුදුසුකම් නොමැති පිරිස් එයින් ඉවත් කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions