Home » සජිත් – පොහොට්ටු එකඟතාවයක්

සජිත් – පොහොට්ටු එකඟතාවයක්

by Nirodha Gamage

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී ඡන්දය නියමිත ලෙස පවත්වන ලෙස මැතිසබා යෝජනාවක් සම්මත කරගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වූ විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් ද ඊට සහාය දක්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව මේ සඳහා වන යෝජනාවේ මූලික කෙටුම්පත පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටි සාගර කාරියවසම් මහතා එම යෝජනා කෙටුම්පත සලකා බලා තම පක්ෂයේ අදහස් ද ඊට ඇතුළත් කරන බව සඳහන් කර තිබෙනවා.

ඉන්පසු පොහොට්ටුවේ සහ විපක්ෂයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස ඡන්දය නියමිත පරිදි පවත්වන ලෙස ඉල්ලන යෝජනාව මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions