Home » ලොව හොඳම විශ්ව විද්‍යාල 1000 ට තේරුණු පේරාදෙණිය

ලොව හොඳම විශ්ව විද්‍යාල 1000 ට තේරුණු පේරාදෙණිය

by Nirodha Gamage

ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි එක්සත් ජනපද ප්‍රවෘත්ති ආයතනයට අනුව ලොව හොඳම ජාතික විශ්වවිද්‍යාල 1000 අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය 901 වැනි ස්ථානයට පත්ව ඇති බව උපකුලපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මහතා පැවසීය.

හොඳම විශ්වවිද්‍යාල 1000 අතරට ඇතුළත් වූ පළමු විශ්වවිද්‍යාලය පේරාදෙණිය බව උපකුලපතිවරයා පැවසීය.

අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තෑගි අලෙවිසැල විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහාචාර්යවරයා පැවසුවේ හොඳම විශ්වවිද්‍යාල 1000 තෝරා ගැනීමට පෙර එක්සත් ජනපද ප්‍රවෘත්ති ආයතනය විශ්වවිද්‍යාල 2000ක් සහ උසස් අධ්‍යාපන ආයතන 30,000ක් පිළිබඳව සොයා බලා ඇති බවයි.

ගෝලීය සහ කලාපීය පර්යේෂණ විශේෂඥතාව, ප්‍රකාශන සහ සම්මන්ත්‍රණ යනාදිය ඇතුළු දර්ශක 13ක් යටතේ ඔවුන්ගේ කාර්ය සාධනය මත හොඳම විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කර ඇති බව උපකුලපතිවරයා පැවසීය.

හොඳම 1000 අතරට පැමිණි ශ්‍රී ලංකාවේ එකම විශ්වවිද්‍යාලය පේරාදෙණිය බව පැවසූ ඒ මහතා මෙම කඩඉම ළඟා කර ගැනීමට දායක වූ සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට මෙන්ම උපාධි අපේක්ෂකයින්ට ද ස්තූතිවන්ත වන බව පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions