Home » රුපියල ශක්තිමත්වීම හේතුවෙන් තොග වෙළෙන්දෝ අර්බුධයට

රුපියල ශක්තිමත්වීම හේතුවෙන් තොග වෙළෙන්දෝ අර්බුධයට

by Nirodha Gamage

ඩොලරයට සාපේක්‍ෂව රුපියල අඛණ්ඩව ශක්තිමත්වීම හේතුවෙන් මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයෝ විශාල අසීරුතාවකට පත්ව සිටිති.

මේ හේතුවෙන් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් කැපී පෙනෙන ලෙස අඩු වූ අතර සීනි, පරිප්පු, පිටි, අල, ලූණු ආදියෙහි මිල කිලෝ ග්‍රෑමයකට රුපියල් 20-30 ත් අතර මිලකින් පහළ වැටී තිබුණි.

රුපියල ශක්තිමත්වීමට පෙර ගෙන්වන ලද භාණ්ඩවල මිල අඩුකිරීමට කටයුතු කළ හොත් තමන්ට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපෑමට සිදුවන බව ප්‍රධාන පෙළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.

විශාල පිරිසක් ඩොලරය අවප්‍රමාණය වීම හේතුවෙන් එකවරම ඩොලර් රුපියල් බවට පත්කිරීමට උනන්දු වීම හේතුවෙන් ඩොලරය අවප්‍රමාණය වීම වේගවත් විය. එහි පාලනයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබුණි. මහ බැංකුව ඒ අයුරින් ඩොලරය අවප්‍රමාණය වීම පාලනය කිරීමට මැදිහත් නොවුණේ නම් මේ වන විට ඩොලරයක් රුපියල් 280 ක් තරම් අගයක් දක්වා පහත වැටෙන්නට ඉඩ තිබුණු බව ආර්ථික විශේෂඥයෝ පවසති.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions