මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන ජනප්‍රිය නිළි රිතූ ආකරාෂා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව කියන සමීර රසාංග ගුණසේකර හෙවත් හයිබ්‍රිඩ් සුද්දා නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් නිවසක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් මතයි ඇය මෙලෙස කැඳවා ඇත්තේ.
පසුගිය සිකුරාදා (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙස රහස් පොලිසියේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් නිළියට දන්වා ඇත. කෙසේ වෙතත්, ඇය ඊට ප්‍රතිචාර නොදැක්වූ බැවින් මේ සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇත.
ඇයට දකුණු පළාතේ නිවසක් සහ පිළියන්දල ප්‍රදේශයේ තවත් නිවසක් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
රිතූ සමග දකුණු පළාතේ ඇයගේ නිවසේ නවාතැන් ගෙන සිටි හයිබ්‍රිඩ් සුද්දා බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පැවති මැතිවරණ රැලියකට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.