ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය හෙට (25) පැවැත්වීමට නියමිතව තිබේ.ඒ අනුව එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව තෝරාගැනීමට නියමිතව තිබේ.මේ වනවිටත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති තනතුර සඳහා නීතීඥ කෞශල්‍ය නවරත්න තේරීපත්ව ඇති අතර සංගමයේ බලය ලබා සඳහා රනිල් වික්‍රමසිංහ හා පොහොට්ටුවේ කණ්ඩායම් එක්ව කටයුතු බව වාර්තා වේ.
පසුගිය කාලයේ දිගින් දිගටම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පිරිස්ට එරෙහිව විවිධ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර ක්‍රියාත්මක විය. ඒ ජනාධිපති නීතීඥ සාලිය පිරිස් ඇතුළු ශ්‍රී ලංකා නීතීඥ සංගමය අරගලයට සහය දෙමින් නීතීයේ ආධිපත්‍ය හා ස්වාධීනතාවය ආරක්ෂා කිරීමට කටයුතු කළ බැවින් හා ආණ්ඩුවේ දූෂිත ක්‍රියාමාර්ග වලට එරෙහිව ඍජුව විවේචන ඉදිරිපත් කළ නිසාවෙනි.මේවායේ අවසාන අරමුණ වූයේ නීතීඥ සංගමයේ බලය රනිල් හිතවාදී කණ්ඩායම අතට ලබාගැනීමයි.
මේවන විට අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය පැවැත්වීමෙන් අනතුරුව සැලසුම් කර ඇති සාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සහභාගී වීමට නියමිත බවයි.