Home » දයාසිරිගෙන් අලුත් පක්ෂයක්, තිලංග සුමතිපාල මහ ලේකම්ලු!

දයාසිරිගෙන් අලුත් පක්ෂයක්, තිලංග සුමතිපාල මහ ලේකම්ලු!

by Plus One

හිටපු අමාත්‍ය, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පෙරළියකට සූදානම් වන බව අපට වාර්තා වනවා. පසුගිය දිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතාව ඉවත් කරන ලදී. ඒ සමගම නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් ප්‍රසිද්ධියේ අපට දැක ගැනීමට හැකි විය.

කොටින්ම මේ වන විට නිදහස් පක්ෂය තුළ කණ්ඩායම් දෙක තුනක්ම දැකගත හැක. තවද පැරණි නිදහස් පක්ෂ කණ්ඩායම් ද පක්ෂය දෙස අවධානය යොමු කර ගෙන සිටී.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වයද පවා අත්හිටුවා ඇත්තේ ඒ මහතා පක්ෂයට විනය විරෝධී කටයුතු කළ බවට චෝදනා කරමිනි.

දැන් දයාසිරි සමග නිදහස් පක්ෂයේ ආණ්ඩු විරෝධී පිරිසක් වෙනම සාකච්ඡාවක් ආරම්භ කර ඇත. ඒ ආණ්ඩුවට විරෝධී බලවේගය එක්කිරීමට නව වේදිකාවක් නිර්මාණය කිරීමටය. ඒ අනුව කසුකුසුව යන්නේ දයාසිරි ජයසේකර මහතාගෙ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට යන බවයි. අප වාර්තාකරුට අනුව මේ නව දේශපාලන පක්ෂයට දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 3 දෙනෙක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසකුත් තවත් ප්‍රාදේශීය නායකයන් පිරිසකුත් එක්වන බවයි.

තවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජනතා නිදහස් සංධානයේ වර්ථමාන ලේකම් තිලංග සුමතිපාල මහතා මෙම නව දේශපාලන පක්ෂේ ලේකම් වන බවට සාකච්ඡා වන බව ද ආරම්භක අනුග්‍රහය කුරුණෑගල ප්‍රසිද්ධ සත්ත්ව ආහාර නිෂ්පාදනය සමාගම හිමිකරුවකු විසින් දරන බවටද වාර්තා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions