අපනයනය සඳහා පමණක් ගංජා වැවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.
ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.
පවතින නීතිරීති වලට අනුකූලව ගංජා බෝගය වගා කිරීම හා ඒ ආශ්රිත නිෂ්පාදන සිදු කිරීම පිළිබඳ තාක්ෂණික මාර්ගෝපදේශ ලබා දීම හා නියාමන රාමුවක් සකස් කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැවරෙන අතර ආයෝජකයන් සමඟ එකඟතාවකට පැමිණීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පැවරී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින භූමියක හෝ රජයට අයත් භූමියක් ආයෝජන මණ්ඩලය වෙත පවරා වගා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමටද රජය පියවර ගනු ඇතැයි ද සඳහන් වේ.