රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් බව තොරතුරු අනාවරණය වී ඇත.රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 69491කි. එම මුදලින් රුපියල් කෝටි 33940ක් ආරක්ෂක අංශ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කෙරෙනු ඇත.
මේ අතර වැටුප් ගෙවීම සඳහා මීළඟට වැඩිම මුදල වැය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙනි. එම ප්‍රමාණය රුපියල් කෝටි 11800 කි.
ඊට පසුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා කෝටි 5930ක්ද රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා කෝටි 4274ක්ද වැයවන බවට තොරතුරු අනාවරණය වී ඇත.