ලබන මාසයේ පැවැත්වෙන අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් පසු ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට දිමුත් කරුණාරත්නට අවශ්‍ය වී තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීම තවමත් පිළිගෙන නොමැති නමුත් වසර හතරකට පසුව එන නව ලෝක ටෙස්ට් ශූරතාවලිය සඳහා නව නායකයෙකු පත් කළ යුතු බවයි ඔහු විශ්වාස කරන්නේ.දිමුත් අප්‍රේල් මාසයේදී 35 වැනි වියට පා තබයි.
“අයර්ලන්ත තරගාවලියෙන් පසුව නායකත්වයෙන් ඉවත් වීම ගැන මම තේරීම් කමිටුව සමඟ කතා කළා. මීළඟ තරග මාලාවෙන් පසු අලුත් නායකයකුට භාරදීමයි මගේ කැමැත්ත.”
කරුණාරත්න ශ්‍රී ලංකාව යම් ස්ථාවරත්වයකට ගෙන ගොස් ඇත. නායකයා ලෙස ඔහුගේ විශිෂ්ටතම ජයග්‍රහණය වන්නේ 2019 දී දකුණු අප්‍රිකාවේදී 2-0 ජයග්‍රහණයයි .