ඉන්දියාවෙන් ආනයනය කරන ලද පළමු බිත්තර තොගය රැගත් නෞකාවක් හෙට (26) වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
බේකරි නිෂ්පාදන සඳහා පමණක් භාවිත කිරීමට තීරණය කර ඇති බිත්තර මිලියන 02ක් එහි ඇති බව ඔහු පවසයි.
බිත්තර ආනයනය කිරීමේදී භාවිත කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුණා.
ඒ අනුව ආනයනික බිත්තර හැසිරවීමේදී අත්වැසුම් අවශ්‍ය වන අතර බිත්තර කටු ආරක්ෂිතව බැහැර කළ යුතු හෝ විනාශ කළ යුතුය. බිත්තර කටු පරිසරයට මුදා නොහැරිය යුතු බව පැවසේ.
කුරුළු උණ වෛරසය රට තුළට ඇතුළුවීම වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.