ඉන්දියානු සාගරයේ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5ක අගයක් ගත් භූකම්පනයක් අද (06) උදෑසන 5.07 ඇතිව තිබෙනවා.
භූමි කම්පාව හේතුවෙන් දේපළ හෝ ජීවිත හානි තවමත් වාර්තා වී නොමැති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන අතර
මෙම භූමි කම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් සිදුව නොමැත.
ශ්‍රී ලංකාව සහ නිකොබාර් දූපත් අතර දුර කිලෝ මීටර 1436 පමණ වේ.
කෙසේ වෙතත් ලංකාවටද බලපාන ඉන්දියානු භූ කම්පනයක් පිළිබඳව භූ විද්‍යාඥයින් හා ඉන්දියානු මාධ්‍ය අනාවැකි පල කර තිබේ.