Home » අරගලයදා රනිල්ගේ ගෙට ගිනි තැබූ සජබ මන්ත්‍රී අල්ලයි

අරගලයදා රනිල්ගේ ගෙට ගිනි තැබූ සජබ මන්ත්‍රී අල්ලයි

by Nirodha Gamage

අරගලය පැවැති අවස්ථාවේදී එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ කෝට්ටේ නගර සභා හිටපු විපක්ෂනායක චන්දිම නයනජිත් ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ රනිල් වික්‍රමසිංහගේ ‘පස්වැනි පටුමගේ පෞද්ගලික නිවසට’ පහර දීම සදහා පුද්ගලයින් 100 දෙනකු තමන් රැගෙන ගිය බව සඳහන් කරමින් මොහු ඉතාලියේ ජීවත් වන සුරංග ජයලත් නම් තැනැත්තකුට ‘වට්ස්අප්’ පණීවිඩයක් යොමු කර තිබෙන බවය. එහිදී අදාළ හඩ පට ලැප්ටොප් පරිගණකයක් මගින් අධිකරණයට ඇසීමට සැලැස්වූවීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions