Home » අනුර පරදන සජිත්ගේ අලුත් මෙහෙයුම මාතරින් ඇරඹේ

අනුර පරදන සජිත්ගේ අලුත් මෙහෙයුම මාතරින් ඇරඹේ

by Plus One

2024 එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය විසින් පසුගියදා සාමාජික ප්‍රවර්ධන මෙහෙයුමක් ආරම්භ කළේය.

ජනවාරි 13 වන දින මාතරින් ආරම්භ කළ මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ මූලික ඉලක්කය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම බව අපට වාර්තා වේ.

මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ආසනය හැර සෙසු ආසන සියල්ලේම මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සිදු කර ඇත.

සම්බන්ධ වූවන් පවසන්නේ සමගි ජන බලවේගය මෑතකදී දියත් කළ හොඳම මෙහෙයුම මේ වන බවයි.

මේ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද සම්බන්ධ විය. ඊට අමතරව පක්ෂයේ ජේෂ්ඨයන් වන සරත් ෆොන්සේකා, රංජිත් මද්දුම්බණ්ඩාර, බුද්ධික පතිරණ, ලක්ෂ්මන් කිරිඇල්ල, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, රෙහාන් ජයවික්‍රම, විජිත් විජයමුණි සොයිසා, චතුර ගලප්පත්ති, රංජිත් මුණසිංහ යන මහත්වරුන් එක්ව සිටියහ.


පසුගිය සතියේ ජෛපේ කාන්තා රැස්වීම මාතර දිස්ත්‍රික්කයේ සාර්ථක වූ අතර මෙම සාමාජික ප්‍රවර්ධන මෙහෙයුම ජවිපෙ මට්ටු කරන්න සජපෙන් ඇදපු තුරුම්බුවක්දෝ යන්න අවසා බැලිය යුතුය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions