තිස්ස වර්ණසූරිය මහත්මා පෙනීසිටින වීඩියෝවක ලංකාවේ වැඩිම වී නිශ්පාදනය සිදුවූවේත් පරාක්‍රමබාහු රජතුමාගෙන් පසු වී පිටරට යැවුවේත් අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමතිවරයා ලෙස සිටි වසරේදී බව කියනු දුටුවෙමි.
රූපවාහිනී චැනලයක පැවති විවාදයකදී නලින් හේවගේ විසින් ද වැඩිම වී නිශ්පාදනය සිදුවූවේ අනුර කුමාර කෘෂිකර්ම ඇමති වූ වසරේ දී බව කියනු ඇසුවෙමි.
ලංකාවේ පොහොර සහනාධාර ලබාදීම හා වී නිශ්පාදනය වැඩිවීම පිලිබදව කර ඇති මෙයට අමුණා ඇති පර්යේෂණ පත්‍රිකාවට අනුව (එහි දක්වා ඇති ප්‍රස්තාරය පහත දක්වා ඇත.) 2005, 2007, 2008, 2009, 2010 වසර වල වී නිශ්පාදනය අනුර කුමාර කෘෂිකර්ම ඇමතිවරයා ලෙස සිටි 2004 වර්ෂයට වඩා වැඩිය.
ලංකාවේ මිනිසුන් බොහෝවිට කරුණු සොයාබලන්නේ නැතුව තමන්ට ඇසෙන දේ විශ්වාස කරන ස්වරූපයක් පවතී.
එකම බොරුව නිතර නිතර කියූ විට මිනිසුනට එය සත්‍යයක් සේ සිතෙන බව කීවේ හිට්ලර්ගේ මාධ්‍ය ඇමති ගොබෙල්ස්ය.
මෙම පර්යේෂණ පත්‍රිකාවේ කරුණු වැරදිද?
තමන් කියූ කරුණට පදනම් වූයේ කුමක් දැයි පැහැදිලි කර දෙන්නේ නම් තිස්ස වර්ණසූරිය හා නලින් හේවගේ මහතුන්ට කෘතඥ වෙමි.
සැබැවින්ම සිදුවී ඇත්තේ පොහොර සහනාධාරය නිසා අනුක්‍රමයෙන් පොහොර භාවිතාව වැඩිවීමෙන් වී අස්වැන්න වැඩිවීමයි. ජවිපෙ හුවා දක්වන ලෙස අනුරගේ විශේෂ දක්ෂතාවයක් නිසා නොවේ.වැඩිම වී අස්වැන්න ලබා ඇත්තේ 2014/2015 වසරේ දීයි. පොහොර තහනමට පෙර මෙම දත්ත විශ්ලේෂණය කලේ නම් අද අපට අත්වී ඇති මෙම ඉරණම අත්වන්නේ නැත.
https://www.researchgate.net/publication/256186294_Fertilizer_subsidy_programme_in_Sri_Lanka