Home » අනුරට කනට ගසා බිමල් ජවිපෙ අතට ගනී !

අනුරට කනට ගසා බිමල් ජවිපෙ අතට ගනී !

by Nirodha Gamage

ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගනිමින් නිර්මාණය වූ දේශපාලන සන්ධානයක් ලෙස ප්‍රකාශමාන වන අතර එහි අර්ථය සමාජවාදය අතහැර ධනවාදය තුළ වාමාංශික රැඩිකල් පක්ෂයක් දියකර හරින්නේ කෙසේද යන්න පිළිබඳව ඉතිහාසයට උදාහරණයක් එකතු කරනු ඇත.

1965 දී ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය වන්නේ එවකට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ සමාජවාදී දේශපාලන පක්ෂ හා කණ්ඩායම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව සිය දේශපාලන කටයුතු පවත්වාගන යාම විවේචනය කරමිනි. ධනපති ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කටයුතු කර විප්ලවයක් සඳහා සමාජය සංවිධානය නොකලහැකි බව විශ්වාස කළ ජනතා විමුක්ති පෙරමුණේ මුල්කාලීන සාමාජිකයන් බෝල්ෂෙවික් ආකෘතියේ පක්ෂයක් නිර්මාණය කිරීමට පුරෝගාමිව කටයුතු කළේය.

1971 කැරැල්ල හා 1988/89 කැරැල්ලෙන් අනතුරුව යළි සංවිධානය වූ ජනතා විමුක්ති පෙරමුණ සිය විමුක්තිකාමී දේශපාලනයෙන් ඉවත්ව ධනපති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරමින් කටයුතු කරන බව පෙනෙන්නට තිබුණද පක්ෂ අභ්‍යන්තරයේ බෝල්ෂෙවික් අනන්න්‍යතාවය පවත්වාගන යමින් සමාජවාදය වෙනුවෙන් කැපවුණු සිය සාමාජිකයන්ට ජනතා විමුක්ති පෙරමුණ හා සමාජවාදය පිළිබඳව විශ්වාසය තහවුරු කළේය.

නමුත් 2012 අප්‍රේල් 09 වෙනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය කිරීමට පදනම් සාධකය වූයේ ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් සමාජවාදය පිළිනොගන්නා දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වීමයි. ජනතා විමුක්ති පෙරමුණේ බෝල්ෂෙවි කණ්ඩායමේ ප්‍රධානින් සියලු දෙනාම පාහේ එදා පෙරටුගාමින් සමග එකතු වූ අතර බිමල් රත්නායක හැර තවදුරටත් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් ජනතා විමුක්ති පෙරමුණ තුළ ඉතිරි වූයේ නැත.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට බිමල් රත්නායක පත් කළ යුතු බවට පක්ෂය තුළ නිරන්තරයෙන් කැළඹීම් ඇතිවූයේ පක්ෂයේ පහල සාමාජිකයන් යම් පිරිසක් තවදුරටත් සමාජවාදය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ යුතු බවට විශ්වාස කළ නිසාවෙනි.

ක්‍රමයෙන් ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ වලදී අසාර්ථක වීම හේතුවෙන් හා පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ බහුතරය තවදුරටත් සමාජවාදය වෙනුවට බලය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවට විශ්වාස කිරීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සිය කේන්ද්‍රීය දෘෂ්ඨිය වූ මාක්ස්වාදය අතහැර ජාතික ජන බලවේගය ලෙස මධ්‍යම පාංතික සුළු ධනේශ්වර කණ්ඩායම් හා එකතු විය.

මෙහි අවසන් ප්‍රතිපලය වී ඇත්තේ ජාතික ජන බලවේගය තවදුරටත් ජනතාවගේ බලය විශ්වාස කරනු වෙනුවට ලාබදායි වෙළඳ උපක්‍රම භාවිතා කරන සාම්ප්‍රධායික සුළු ධනේශ්වර දේශපාලන පක්ෂයක් බවට පත්වීමයි. මේ සඳහා නායකත්වය සපයන්නේ අනුර කුමාර දිසානායක හා හරිනි අමරසූරියයි.

මේ තත්ත්වය ජාතික ජන බලවේගය තුළ අභ්‍යන්තර බෙදීමක් ඇති කිරීමට සමත්ව තිබේ. තවදුරටත් සමාජවාදය විශ්වාස කරන බිමල් රත්නායක ප්‍රමුඛ බෝල්ෂෙවික් කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණේ බලය ලබා ගැනීම සඳහා අභ්‍යන්තර අරගලයක් ආරම්භ කර තිබේ. මේ තත්ත්වය උත්සන්න වී ඇත්තේ 2022 ජූලි 09 වනදා ජනාධිපතිවරයා පන්නා දැමීමට සමත්වූ අරගලය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දියාරු මැදිහත් වීමයි. ජන බලය ඉදිරියේ ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කළ නිවට ආකාරය හේතුවෙන් පක්ෂය තුළ අභන්තර අර්බුධය උත්සන්න වී ඇති අතර ජනතා බලය වෙනුවට මැතිවරණ පමණක් විස්වාස කිරීම හේතුවෙන් ජාතික ජන බලවේගයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉවත්ව සමාජවාදී ක්‍රමයක් වෙනුවෙන් සටන් කිරීමට කාලය එළඹ ඇති බව රැඩිකල් කණ්ඩායම පවසයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions