Home » අන්තරේ ඈයෝ හොයන්න අනේ අපිට උදව් කරන්න…

අන්තරේ ඈයෝ හොයන්න අනේ අපිට උදව් කරන්න…

by Nipuna Fernando

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතාවයට එක්ව සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි. මෙම පිරිස පසුගිය අගෝස්තු මස 18 වනදා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් යුනියන් පෙදෙසේදී පවත්වන ලද නීති විරෝධී රැස්වීමක හා පෙළපාලියක සාමාජිකයන්ව සිටි බවයි පොලිසිය සඳහන් කරයි. ඒ අනුව ඊට අදාළව ලබාගත් වීඩියෝ දර්ශන අනුව මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය බවත් මෙතෙක් අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති නිසා පොලීසිය මහජන සහය පතයි.

මෙම පිරිස සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් 071 859 1561 අංකයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ 071 859 4414 අංකයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම පුද්ගලයන්ගේ ජායාරූප පහත දැක්වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions