Home » අදානී සමාගමට විරුද්ධ වූ සංඛ චන්දිමට මරණීය තර්ජන

අදානී සමාගමට විරුද්ධ වූ සංඛ චන්දිමට මරණීය තර්ජන

by Plus One

ලංකාවේ පුණර්ජණන බලශක්ති ප්‍රභවයන් ඉන්දියාවේ ආදානී සමාගමට එකාධිකාරිත්වයක් ලැබෙන පරීදි පවරාදිමට රජය විසින් අත්තනෝමතික ආකාරයට කටයුතු කිරිමට විරුද්ධව සමාජ ක්‍රියාකාරී සංඛ චන්දිම අභයවර්ධන මහතා විසින් 2023 මැයි මසයෙදි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවටත්, මහජන උපයෝගීතා කොමිසමටත් පැමිණිලි කර ඇත. මෙම සිදු වීමෙන් පසු අවස්තා කිහිපයකදී සංඛ මහතාට විවිධ නන්නාදුනන පාර්ශවයන් කතා කොට ඇති අතර පලමුව ඔවුන් විසින් මෙම පැමිණිළි ඉවත් කර ගැනීමට එක් එක් ආකාරයේ යෝජනා ද ඒ මහතාට කල බවට අවධාරනය කරයි.

කෙසේ වුවත් අද පොලිස් මූලස්ථානයට පැමිණි සංඛ චන්දිම අභයවර්ධන මහතා ශ්‍රී ලංකා පොලීසියෙන් තමන්ට හා තමන්ගේ පවුලේ අයට ජීවිත තර්ජනයක් ඇති බවට පැමිනිලි කොට ඇත. අප සමග මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ අදානි සමූහට ලංකාවේ පුණර්ජණන බලශක්ති ප්‍රභවයන් එකාධිකාරිත්වයක් ලැබෙන පරීදි පවරාදිමට එරෙහි වීම හේතු කොට ගෙන තමන්ට මේ වන විට තර්ජනාත්මක පණිවිඩ ලැබෙන බවයි. නමුත් මෙම සටන අත් නොහැර ඉදිරියටම ගෙන යන බවද කියා සිටි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions